වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තවත් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) ඉදිරිපත් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇත.
වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සමගි ජන බලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව වස්ථාදායක සභාවේ සාමාජිකයන් විරුද්ධ වූ බැවින් එය ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ තීරණයක් නොවන බව සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති”