මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොල තුලදී පොලිස් සැරයන් වරයෙකු අද (27) සවස ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන ඇතැයි කොටවින පොලීසිය පවසයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල 59745 කුමරප්පෙරුම ආරච්චිගේ රංජිත් (52) නැමැති සැරයන්වරයෙකි.
මාතර තුඩාවේ පදිංචිකරුවෙකු වන ඔහු තිදරු පියෙකි. වසර 30 කට ආසන්න කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්තව රාජකාරී කර තිබෙන බවද කියති.
ක්රිෂාන් ජීවක ජයරුක්