දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට පසුගිය වසර 05ක කාලය තුළ අපරාධමය නොවන විවිධ පැමිණිලි 4,785,025ක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එවැනි පැමිණිලි වාර්ෂික සාමාන්‍ය ලෙස පැමිණිලි 957,005ක් ලැබී ඇති බව ද මෙහිදී අනාවරණය විය.
විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ %ශ්‍රී ලංකා පොලීසිය වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී, ප්රශස්ත, ජනතා හිතවාදී, විවෘත හා වගකිව යුතු රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා වූ නිර්දේශ^ ඇතුළත් වාර්තාවේ මේ බව සඳහන් කර ඇත.
ඒ අතරින් වැඩිම පැමිණිලි ලෙස පහරදීම්(සුළු අපරාධ යටතට නොවැටෙන) සම්බන්ධයෙන් පැමිණිලි 964,927ක් වාර්තා වී ඇති අතර, එය වාර්ෂික සාමාන්‍ය ලෙස 192,985ක් ලෙස ලැබී තිබේ.
එමෙන්ම බැණ තර්ජනය කිරීම් 924,500ක්, පවුල් ආරවුල් 526,538ක්, මුදල් හෝ භාණ්ඩ පිළිබඳ ආරවුල් 484,062ක්, ඉඩම් ආරවුල්(65 වගන්තියට ඇතුළත් නොවූ) 468,686ක්, ප්රචණ්ඩත්වය පිළිබඳ 105,348ක් ලෙස පසුගිය වසර 05ක කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත.
එමෙන්ම අලාභහානී සිදු වීම පිළිබඳ ගැටලු 87,813ක්, විශ්වාසය හෝ පොරොන්දු කඩ කිරීම 57,116ක්, අනියම් සබඳතා ඇතිවන ගැටලු 48,443ක්, දෙමාපියන්ට නොසැළකීම හෝ හිරිහැර කිරීම 41,425ක්, මානසික පීඩා ඇති කිරීම් සම්බන්ධ ගැටලු 38,183ක්, කුලී නිවැසියන් හා අයිතිකරුවන් අතර ආරවුල් 37,147ක්, සේවකවා හා ස්වාමියා අතර ආරවුල් 15,998ක්, අතුරුදන් වීම් පිළිබඳ පැමිණිලි 15,765ක්, සාමය කඩ වීමේ ගැටලු 10,312ක් ලෙස ද පසුගිය වසර 05ක කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබේ.
මීට අමතරව වෙනත් පැමිණිලි 958,762ක්ද දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පසුගිය වසර 05ක කාලය තුළදී ලැබී ඇත.