පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා රටින් පිටවීම සම්බන්ධව මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා පවසන්නේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම තර්ජනය කර දුන් ඇමතුම් සම්බන්ධ පරීක්ෂන කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඔහු පවසන පරිදි අපරාධ කොට්ඨාස අධ්යක්ෂවරයා වාර්තා කර තිබෙන්නේ මෙම සිදුවීම නිර්මාණාත්මක හෝ සැලසුම් සහගත දෙයක්ද යන්න තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන නිලධාරීන් පවසන්නේ බොහෝ වෙලාවට මෙම නිලධාරියා (පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා) අතිශෝක්තියෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයක්ද සැක කරන බවයි.
කසුන් රණසිංහ