පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියකු ඊයේ (04) රාත්රී හප්පා පලා ගොස් ඇති අතර ඔහු මියගොස් ඇති බවට පොළොන්නරුව පොලිසිය පවසයි.
හප්පා පලා ගිය වහනය පුද්ගලයින් සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම අනතුර රාත්රී දහයත් එකොළහත් අතර පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ ඉදිරිපිට දී සිදුව ඇත.
මෙම නිලධාරියා පොළොන්නරුව පොලිසියේ පොලිස් නිල නිවාස වල ජීවත්ව ඇත. අතර මේ වන විට එසේ හප්පා පලා ගොස් ඇති පුද්ගලයින් සහ වහා සැක කටයුතු වහනය සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි තිදරු පියෙකු බවයි පරීක්ෂණ සිදු කරන පොලිසියේ ප්රකාශකයකු පැවසුවේ.
තුෂාර තෙන්නකෝන්/මනම්පිටිය නිමල් ජයරත්න