මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථනයෙන් අමතා සංයුක්ත දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් පරුෂ වචනයෙන් බැන වැදුණු කියන පොලිස් සැරයන්වරයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙලෙස බැණ වැදී ඇත්තේ කැලණිය කොට්ඨාස දිසා බඩු ගබඩාවේ රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් 65223 කුමාර නැමැති නිලධාරියෙකි.
පොලිස් සැරයන්වරයා ඉකුත් 9 සවස් කාලයේදී බීමත්ව එම බැණ වැදීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැරයන්වරයාගේ බිරිඳගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කැලණිය දිස්ත්‍රික් 111 සහකාර පොලිස් අධිකාරි ඒ පි එන් ජි ජයතිලක මහතා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.