තංගල්ල කොට්ටාශයේ පොලිස් ක්ෂණික විහිදුම් බලකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 01 දා සවස සූරියවැව හත්පහ හංදියේ සිදුකළ සෝදිසි මොහොයුමක් අතර අණ නෙතකා ධාවනය කරනු ලැබූ සැක සහිත යතුරු පැදි කරුවෙකුට හඹාගොස් වෙඩි තැබීමට පොලිසිය කටයුතුකර තිබේ.
කෙසේ නමුත් අදාළ යතුරු පැදිකරු එම ස්ථානයෙන් පලාගොස් තම පාදයේ කම්බියක් ඇනුණු බව පවසමින් සූරියවැව රෝහලේ ප්රතිකාර ගැනීමට නැවතී ඇති අතර පසුව රාත්රියේදී වැඩි දුර ප්රතිකාර ගැනීමට හම්බන්තොට මහ රෝහලට යන බව පවසමින් සිය කැමැත්තෙන් රෝහලෙන් පිටව නිවසට ගොස් තිබේ.
පසුව 02දා අලුයම තම මව සමඟ සූරියවැව පොලිසිය වෙත පැමිනීමෙන් පසු පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් අණ නොතකා ධාවනය කිරීම, ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ධාවනය කිරීම,අධික ශබිදය සහිත සයිලන්සර භාවිතය යන චෝදනා යටතේ හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කර තිබේ.
--