හිනිදුම ප්රදේශයේ සිට පොලිස් අන නොතකා ඉරිදා (20) අළුයම්කාලයේ ධවනයකළ කැබ්රථයක් උඩුගම හෝමදොළ හන්දියේ දී උඩුගම පොලිසියේ නිළධාරීන් විසින්ද වාහනය නතරකිරීමට කළ අන නොතකා ධාවනය කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර නතරකරගෙන තිබේ.
මේ අවසථාවේදී කැබ්රථයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් පළාගොස් තිබේ. පරීක්ෂාකිරීමේදී එළ ගවයකු සහ මී ගවයකු කැබ්රථයේ දමාගෙන යනබව සොයාගෙන ඇත.
එම ගවයන් හිනිදුම ප්රදේශයේ සිට පටවාගෙන එන අතර හිනිදුම පොලිසියට ලද තොරතුරක් අනුව අළුයම්කාලයේ හිනිදුම පොලිසිය කළ වැටලීමෙිදී පොලිසිය මගහැරයාමට සැකකරුවන් සමත්වී ඇත.
පලාගොස් සිටි එක් සැකකරුවකු උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හම්බන්තොට ප්රදේශයේ පදිංචි අයෙකු බව පැවසේ.
සෙසු සැකකරුවන් සොයා උඩුගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි. උඩුගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කන්නංගර මහතා ඇතුළු නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවති.