බිබිල නාගල පියරතන පාසලේ දරුවන් ඒක්ව පොල් විකුණා කොළඹ යැවු සංගීත කණ්ඩායමක් සමස්ථ ලංකා තෙවන ස්ථානයට පත්ව ජය ලැබු බව විදුහල්පතිනි ටී.ඒම් රුවනි චන්ද්‍රිකා ජයවර්ධන මහත්මිය පැවසීය.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන බිබිල නාගල පියරතන විදුහලේ දරුවන් මෙවර සංගීත අංශයේ "සබරගමුව සාන්තිකර්ම නිර්මාණ" අංශයෙන් කළාප,දිස්ත්‍රික් හා පළාත් අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා සමස්ථ ලංකා තරගාවලියට තේරී පත්ව තිබේ.
මෙම පාසාලේ සංගීත කණ්ඩායමේ දරුවන්ට කොළඹ තරග සදහා යෑමට ප්‍රවාහන ප හසුකම් ඇතුළු වියදම් සදහා මුදල් නොමැති නිසා පාසලේ සිටින දරුවන් 275 දෙනාම පොල් ගෙඩි දෙක බැගින් ගෙනවිත් ඒ්වා විකුණා ලබා ගත් මුදල් සහ රුපියල් 100ක ටිකට් පතක් අළෙවිකර සොයාගත් මුදල් වැය කර කොලඹ ගිය දරුවන් දිවයිනේ පාසල් අතර පැවති තරගාවලියේ තුන්වන ස්ථානයට පත්ව ජය ලබා තිබෙන බව විදුහල්පතිනිය කියයි.
මෙම පාසලේ දරුවන්ට සංගීත උපකරණ,ක්‍රීඩා උපකරණ,නොමැති බවත් පවසන විදුහල්පතිනිය කියා සිටියේ පාසලට අත්‍යවශ්‍ය උපකරණ තිබුනේ නම් මෙයට වඩා ජයග්‍රහණ ගැනීමට දරුවන් උනන්දු වන බවයි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි