ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව හා ආපන ශාලා හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
පොදුවේ සැලකීමේදී සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් එකසිය විස්සත්, රුපියල් එකසිය තිහත් අතර මිලක් ගෙන තිබෙන අතර, මීට සාපේක්ෂව පොල්තෙල් මිල පවා ඉහළ ගොස් තිබේ.
රුපියල් 400ත්, රුපියල් 420ත් අතර මිලකට අලෙවි වූ සාමාන්‍ය තත්ත්වයේ පොල් තෙල් බෝතලයක මිල රුපියල් පන්සිය හැටත්, රුපියල් හයසියයත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.
පොල් හා පොල්තෙල් මිල ඉහළ යාම නිසා ආහාර සකස් කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවීමෙන් රාජ්‍ය ආයතන හා රෝහල් ආශ්‍රිතව පාලන මිලක් යටතේ ආහාර ලබා දෙන ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
මේ පිළිබඳව ‘අද’ සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් විමසීමක් සිදුකළේය.
එහිදී ජාතික සංවිධායකවරයා සඳහන් කළේ, මේ වන විට පොල් තොග ලැබීම අඩු වීම නිසා පොල් මිල ඉහළ යාමට හේතුවක් වී තිබෙන බවයි.
ඉදිරියේදී ප්‍රමාණවත් තරම් පොල් තොග ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, මේ අනුව ඉදිරියේදී පොල් මිල අඩු වී යා හැකි බවද සඳහන් කළේය.
පොල් ආශ්රිත නිෂ්පාදන මේ වන විට විශාල වශයෙන් විදේශ රටවලට අලෙවි කරමින් තිබෙන බවත්, මේ වන විට රට තුළ අසාමාන්‍ය ලෙස පොල් මිල ඉහළ ගොස් තිබෙන නිසා යම් කාලයකට පොල් ආශ්රිත නිෂ්පාදන විදේශ රටවලට අලෙවි කිරීම සීමා කළ යුතු බවත් ජාතික පාරිභෝගික පෙරමුණ සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේය.
එසේ නොමැති වුවහොත් ඉදිරියේදී පොල් ගෙඩියක මිලත්, සහල් කිලෝවක මිලත් සමාන විය හැකි බවත්, පොල් මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනබවත් සඳහන් කළේය.
සාමාන්‍ය තත්ත්වයේ පොල් ගෙඩියක තොග මිල පවා රුපියල් 115ත්, රුපියල් 118ත් අතර මිලක් ගෙන තිබෙන බවත්, මේ අනුව පොල් ගෙඩියක් රුපියල් 150කට අලෙවි කරන තත්ත්වයට පත්ව තබෙන බවද පවසා සිටියේය.