නොචියාගම පොලිස් වසමේ පහල හල්මිල්ලෑව ප්රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් කඩා සොරකම් කල පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය යාය 15, පහළ මාරගහවැව පදිංචි 'පොල් පොඩ්ඩා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි පුද්ගලයෙකු, 27 හැවිරිදි ඔහුගේ සහෝදරයා සහ නොච්චියාගම නැකැත්තේගම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නොච්චියාගම පහළ හල්මිල්ලෑව උඩුදුම්බර ගම්මානයේ 70 පුද්ගලයකුට අයත් පොල් ඉඩමකට රාත්රී කාලයේ ඇතුළු වී පොල් ගස් 30ක තිබූ පොල් ගෙඩි 450ක් කඩා සොරකම් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුට ගස් සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී සොරකම් කරන ලද පොල් ගෙඩි 450ක ප්රමාණයක් සොයා ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.