නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලු වීමේ චෝදනාව යටතේ දැනට එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ට නීති උපදෙස් සහ ඇප ලබා ගැනීමට නීතිඥවරුන් දෙදෙනෙකු 03/18 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියහ .
පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා එසේ පිටත්ව ගියහ .
එහිදී අදහස් දැක් වූ එම නීතිඥවරුන්, පොඩි ලැසී ට එරෙහිව ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුලු වීම පිළිබද චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවත් , ඔහුට ඒ සදහා අවශ්‍ය නීති උපදෙස් ලබා දෙමින් ඇප ඉල්ලීමට තමන් කටයුතු කරන බව පැවසිය .
ශ්‍රී ලංකාවේ පොලීසියට පොඩි ලැසී සෙවීමට අවශ්‍ය කරන චෝදනා කිසිවක් නැති අපරාධ සදහා නම් වී ඇති සැකකරුවෙකු නොවන බවද ඔවුන් පැවසීය .
එමෙන්ම ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකම නඩු ගනනාවක් විභාග වෙමින් පවතින බවත් , ඒ කිසිදු නඩු කටයුත්තක් සදහා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී නොමැති බවත් , තමන් එම නඩු කටයුතු සදහා අවශ්‍ය සහාය දක්වන බවත් එම නීතිඥවරුන් දෙදෙනා පැවසීය .
ඉන්දියාව තුළ දී තම සේවාදායකයා වෙනුවෙන් මේ වනවිටත් ඉන්දීය නීතිඥවරුන් කීප දෙනෙකු පෙනී සිටින බවත් , ඉන්දියාවේ දී ඇප ලැබුණහොත් ශ්‍රී ලංකාව තුළ පොඩි ලැසී ට ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් පවතින බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය .
මෙම නීතීඥවරුන් දෙදෙනා 03/18 දින පස්වරු 04.00 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 275 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ .
මෙම නඩුව එළඹෙන 03/21 දින ඉන්දියාවේ මුම්බායි නුවර තානේ ( Thane ) අධිකරණයේ දී විභාග වීමට නියමිතය .
