බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටින පොඩි ලැසි නමැති දරුණු ඝනයේ රැඳවියා නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකථනයක් ඇතුලු උපාංග රැසක් ඊයේ (8) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොඩි ලැසී නමැත්තා විසින් ඔහු නාන ස්ථානයේ කොන්කීට් ලෑල්ලක ඉතා සූක්ෂම ලෙස සගවා තිබියදී ජංගම දුරකතනය සොයා ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් ජංගම දුරකතනය සහ උපාංග වැඩිදුර විමර්ෂණය සදහා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර පාලන අධිකාරියට බාරදී තිබේ.