පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන හිමාල කඳු තරණය සඳහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ද ඇතුළු විද්‍යාර්ථීන් හය දෙනකු සූදානමින් සිටි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ ශිෂ්‍යාවක වන ඒ.එම්. සඳුනි කාංචනා, ජේ.ඒ. හර්ෂ ධර්මප්‍රිය (කණ්ඩායම් නායකඉංජිනේරු පීඨය) ටී.බී. සමරකෝන් (විද්‍යා පීඨය) සී.එස්. මඩවල (ඉංජිනේරු පීඨය) ආර්.බී. මාන්නප්පෙරුම (කෘෂිකාර්මික පීඨය) එච්.එම්. ඩිල්ෂාන් (කලා පීඨය) යන විශ්ව විද්‍යාල සිසුන්හිමාල කඳු තරණ කණ්ඩායමට ඇතුළත්ව සිටි .
මෙම පිරිස එළඹෙන අප්‍රේල් මස පළමු සතියේ නේපාලයේ කත්මඬු නුවර සිට සැලරි දක්වා ගමන් කරඑහි සිට නමාචි බසාර් (මීටර 3440) ඔස්සේ ගෝකියෝවිල් (මීටර 4760) හරහා අප්‍රේල් 20 වැනිදා එවරස්ට් බේස් කෑම්ප් (මීටර 5364) දක්වා යාමට අපේක්ෂා කරන අතර ඉන් අනතුරුව මීටර 6200 ක උසකින් යුතු අයිලන්ඩ්පීක් තරණය කිරීමට බලාපොරොත්තු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිවේදනය කරයි .
මුහුදු මට්ටමේ සිට මීටර් 6200ක උසකින් යුතු උන්නතාංශයට ළඟාවී ඇත්තේ ඉතාමත් සීමිත පිරිසක් වන අතර එම පිරිස අතරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකුගේ නම්ද එකතුවීමට නියමිතය. එසේම ඔවුන් ගමන් කිරීමට බලාපොරොත්තු වන ත්රිපාසස් මාර්ගය අතිශයින්ම දුෂ්කර, භයානක හා අභියෝගාත්මක මාර්ගයක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියයි .