පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකුට තවත් සිසුන් පිරිසක් විසින් පහරදී එක් සිසුවෙකුගේ කනකට බරපතල තුවාල සිදුකළ බව කියන සිසුන් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අහෝසි කිරීමට විශ්ව විද්‍යාල විනය පාලක අංශය පියවර ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර පේරාදෙණිය පොලිසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
පහර කෑමට ලක්වු සිසුන් දෙදෙනා නේවාසිකව සිටි අක්බර් නේවාසිකාගාරයට ඇතුළු වී 2024.08.12 දින රාත්‍රී බරපතල පහරදීමක් සිදුකොට ඇති බව කියන අතර පහර කෑමට ලක්වූ එක් සිසුවෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .පහර කෑමට ලක් වූ අනෙක් සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ .
පහරදීමට සම්බන්ධ බවට හඳුනාගත් සිසුන් හතර දෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබා දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍ය භාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත්සැකකාර සිසුන්පොලිසියට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනයට දැනුම් දී ඇති බවත්ය. එම සිසුන් ව්‍යාජ නම් වලින් පෙනී සිටින බැවින්ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන්වැඩිදුර විමර්ශන සිදු කෙරේ .