කොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කොට නිරෝධායනය වීමෙන් පසුව අද (31) පුද්ගලයින් 104 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.
මෙසේ පෙරියමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට පුද්ගලයින් 104 දෙනෙකු නිවෙස් වෙතට යාමට අවස්ථාව සලසා දුන් බවට එම අවස්ථාවට සහභාගී වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පවසා සිටියේය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට ගිය පුද්ගලයින් පවසා සිටියේ තමන් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව පසුගිය දින 14 පුරාවට බලාගත් බවටත් විදෙස් රටවල සිට පැමිණි සියලු දෙනාට කිසිදු බියකින් තොරව යුදහමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධනා කරන බවටත් එයට යුද හමුදාවට පූර්ණ ගෞරවය ලබා දෙන බවටත්ය.
පසුගිය 28 වනදා වවුනියාව පම්පමඩුව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායනය වූ පුද්ගලයින් 167 දෙනෙකු පළමු කණ්ඩායම වශයෙන් සිය නිවෙස් වෙතට යවන ලදි.