සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන දින වකවානු සහ ගමන් කරන මාර්ග මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නොතිබියදී ඇතැම් සංචාරක නියෝජිත ආයතන පෙරහර මාර්ග වල ඇති සඳළුතල සහිත හෝටල් කාමර සහ පෙරහර ආසන ඉතා අධික මිල ගණන් වලට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ මේ වන විට අලෙවි වෙමින් පවතී.
එක් සංචාරක නියෝජිත ආයතනයක දුරකථන අංකයකින් කළ විමසීමකදී පෙරහර මාර්ගයේ ඇති සඳළුතල සහිත හෝටල් කාමරයක මිල රුපියල් 45,000.00 ත් 50,000.00 අතර මිලක් වන බව ඇමතුම ලබාගත් කාන්තාවක පැවසීය.
පෙරහර ගමන් කරන මාර්ගද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට නොතිබියදී පෙරහර යන ගමන් මාර්ග එම කාන්තාව දැන සිටීම විශ්මයජනකය.
ෂේන් සෙනෙවිරත්න