මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහැර නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි .
හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසා සිටියේ එම තත්ත්වය හමුවේ ශ්‍රී දළදා මාලිගාව සේම සිව් මහා දේවාලයන්හි පෙරහැර සඳහාද අලි ඇතුන් සපයා ගැනීම පිළිබඳව දුෂ්කරවී ඇති බවයි .
පෙරහැර දෙක සඳහා නැකත් එකම කාලයේ යෙදීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සබරගමුව සමන් දේවාලයේ පෙරහැර සඳහා සහභාගි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ හිඟයක් ඇතිව තිබෙන බැවින් ඊට තාවකාලික පිළියමක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි හස්තීන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද හෙතෙම පැවසීය .
හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පෙරහැර සිදුකිරීමේදී මුහුණ දී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් රජයේ වගකිවයුතු අංශත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි .