යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් පණිප්පුලම් ප්රදේශයේදී මවකට හා දියණියකට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකලෙයි යැකකෙරෙුණු තරුණයෙකු එම ප්රදේශයේම ගෙලවැලලාගෙන මිය ගොස් සිටියදී ඊයේ (16) දින සිරුර හමු වූ බවට පොලීසිය පැවසීය.
පොලීසිය අදාල ස්ථානයන්ට ගොස් සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ සියදිවි හානිකරගත් තරුණයා සහ තියුණු ආයුධයකින් පහරකා තුවාල සිදුවූ තරුණිය පෙම්වතුන්ව සිට ඇති අතර පසුගිය දිනක ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතා ප්රතික්ෂේප කිරීම නිසා මෙම පහරදීම සිදුව ඇති බවටයි.
එහිදී අදාල පෙමවතා විසින් පෙම්වතියගේ නිවසට රහසිගතව ඇතුලුවී නිවසේ සිටි පෙම්වතියට සහ පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් පහරදී බරපතල කැපුම් තුවාල සිදුකොට පලා ගොස් ඇති බවට පොලීසිය සැකපල කරයි.
එහිදී බරපතල තත්වයේ සිටි තරුණිය සහ ඇගේ මව අසල්වාසීන් විසින් ඒම අවස්ථාවේදීම රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර එඒකකයේ ප්රතිකාර ලබමින් සිටිති.
කෙසේ වෙතත් පහරදීම සිදුකල තරුණයා සිය පෙම්වතිය මිය ගිය බවට සැකකොට පෙම්වතියගේ නිවසට ආසන්නයේ කුඹුරක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුර සොයාගත් බවට ඉලවාලෙයි පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ පණිප්පුලම් ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි තරුණයෙකු වන අතර ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.