දොඹගහවෙල පොලිස් වසමට අයත් නුගගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 වයසැති දැරියකට ඉකුත් දහවෙනිදා ඇයගේ පෙම්වතා නිවසට පැමිණ දැරියට සහ දැරියගේ මවට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියටපත් දැරිය එදින සවස නිවැසියන්ට නොදන්වා නිවස ආසන්නයේ කැළෑවකට ගොස් ගල්ගුහාවක තනිව රැයක් ගතකොට නිවසට පැමිණ ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි.
දැරිය ගල්ගුහාවේ රැයක් ගතකොට පසුදින (11) වෙනිදා උදෑසන කුසගින්න දරාගත නොහැකි නිසා ආපසු නිවසට පැමිණ ඇති බවත් කිසිවෙකුගෙන් හිරිහැරයක් සිදුනොවූ බවත් ඇයගේ මව විසින් පොලීසියට දැනුම්දී ඇත.
ඊට පෙර දින තම දියණිය අතුරුදහන්වී ඇති බවටද මව විසින් පොලීසියට පැමිණිල්ලක්කර තිබේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත්කර ඇත.දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී.එම් කුමාරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක