වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු වයික්කාල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධකින් පහර දී ඊයේදා) ඝාතනය කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 20 ක් වූ දකුණු වයික්කාල ප්‍රදේශයේ පදිංචිකාරියෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රේම සම්බන්ධතාවත් මත ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.