ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ අනුව අනවශ්‍ය ලෙස පෝලිම්වල රැදී නොසිටින ලෙසයි. පවතින සීමිත පෙට්‍රල් තොගය අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් බෙදා හරින බවත් අත්‍යාවශ්‍යම කටයුතු වලට හැර පෙට්‍රල් ලබාගැනීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමට අයත් ත්‍රිකුණාමලය තෙල් පර්යන්තයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10000ක් ඇති බවත් එය වෙළඳපොළට නිකුත් කරන ලෙස ඔවුන්ට දැනුවූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඉන්දීය තෙල් සමාගම විසින් දිනපතා වෙළඳපොළට නිකුත් කරන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 300ක් බවත් එය 1000ක් දක්වා ඉහළ නංවන බවත් අමාත්‍යවරයා පැවැසීය.