ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වැට් බදු වැඩිවීමට සමගාවීම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට බලපාන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 366කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 464කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 475කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකරන ඇති අතර නව මිල රුපියල් 236කි.