ආර්ථිකයට විශාල කම්පන දැරිය නොහැකි බවත් ආර්ථිකය මෙහෙයවීමේදී සියුම් සියලු තැන් පිළිබඳව දැඩි සංයමකින් කටයුතු කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
නව පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කරමින් ඔහු මේ බව පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් අනුව කටයුතු කරන බවත් තුන්වැනි සමලෝචනය ප්‍රමාද වී ඇති බවත් මහ මැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය ලංකාවට පැමිණි බවත් මේ සතිය තුළ කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟතාවක් ලබන 23දා වන විට අත්සන් කළහැකිවනු ඇති බවත් ජනපතිවරයා සඳහා කළේය.
ද්විපාර්ශ්වීය ණය පිළිබඳ එකඟතාවයකට ජනපතිවරණයටත් පෙර පැමිණ තිබුණ බවත් වාණිජ ණය පිළිබඳව එකඟතාව දෙසැම්බර් වන විට අවසන් කර ගැනීමට හැකි වෙනු ඇති බවත් ඔහු පැවැසීය.මේ අනුව ආර්ථිකයේ ස්ථාවරය තවදුරටත් තහවුරු වනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ආර්ථික දේහයේ ඇතිව තිබෙන අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් නව ආර්ථික උපාය මාර්ගයට අවතීර්ණ විය යුතු බවත් ඔහු පැවැසීය.
ඒ අනුව භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් හා ප්රසාරණයක් ඇතිවිය යුතුව ඇති බවත් අනෙක් පළාත් දක්වාත් භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ වේගවත් හා ප්රසාරණයක් ඇතිවිය යුතු බවත් ඔහු පැවැසීය.
ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් බවට පත්විය යුතු බවත් ඒ අනුව ඔවුන් ප්රතිලාභ ලැබෙනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ජාතික ධනය අතලොස්සක් අතර සංකේන්ද්‍රණය වීම ආර්ථිකය ස්ථාවර නොකරන බවත් ආර්ථිකයේ ප්රතිලාභ ජනතාව අතර සාධාරණ පංගුවක් ලෙස ගලා ආ යුතු බව ජනපතිවරයා සඳහන් කළේය.
ආර්ථිකයේ සමහර ක්ෂේත්‍ර තුළ තරගයක් ඇති කරන බවත් ඇතැම් ක්ෂේත්‍ර වෙනුවෙන් නියාමන අධිකරීන් හරහා එ ඒ ක්ෂේත්‍ර තුළ නියාමනයන් හරහා මෙහෙයවිය යුතු බවත් ඔහු පැවැසීය.
බලශක්ති වෙළඳපොළ ඇතිවීමේදී රාජ්‍ය පංගුවක් වෙළඳපොළ තුළ නියේජනය විය යුතු බවත් මූල්‍ය වෙළඳපොළ තුළත් එවැනි රාජ්‍ය පංගුවක් ඇතිවිය යුතු බවත් ඔහු පැවැසීය.
සමූපාකාර ජාලය ශක්තිමත් කර වෙළඳපොළ තුළ ශක්තිමත් පංගුවක් ඇති කරන බවත් ජනපතිවරය පැවැසීය.
සංචාරක කර්මාන්තය තුළ සංචාරකයන් මිලියන 4ක් ලංකාවට කැඳවාගෙන ඒම වෙනුවෙන් හා ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් ඒ තුළ ඇති කිරීමට කටයුතු කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුළ විශාල පරිවර්තනයක් කරන බවත් ඩොලර් බිලියන 1.2ක අපනයන ආදායම ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව වෙළඳ හා නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.
රාජ්‍යයත් පෞද්ගලක අංශයත් ඒකාබද්ධව ඛණිජ සම්පත් වලින් උපරිම ප්‍ර යෝජන ගැනීමට කටයුතු කරන බවද ජනපතිවරයා පැවැසීය.
යහපත් දේශපාල සංස්කෘතියක් ඇති කිරීමේදී පුරවැසියන් තුළද පරිවර්තයක් ඇති විය යුතු බවත් එය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නමින් වැඩසහනක් ආරම්භ කරන බවත් ජනපතිවරයා පැවැසීය.
අස්වැසුම එළැඹෙන අයවැය යෝජනාවෙන් සාධාරණ පංගුවකින් වැඩි කරනවා
පාසල් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රජයෙන් දීමනාවක් දෙනවා
රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් දෙනවා
ළඳරු මන්දපෝෂණය තුරන් කර ගැනීම වෙනුවෙන් එවැනි දරුවන් සිටින පවුල්වලට දීමනාවක් දෙනවා
ගැබිනි මව්වරුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා
ආබාධිත පුද්ගලයන් බලා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් හදනවා ඔවුන්ට දීමනාවක් ලබාදෙනවා