කොරෝනා වසංගත තත්ත්වයක් පැවතියද සෞඛ්‍යආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ රට පුද්ගලික තේ කම්හල් 600ක් පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දිම වික්‍රමසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් උපදෙස් හා නීතිමාලාවන්ට අනුකුලව තේ කම්හල්වල කටයුතු කරගෙන යන බව පවසන තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා පවතින තත්ත්වය යටතේ සේවකයින් සිමාකොට කම්හල්වල කටයුතු කරගෙන යන බවද පවසයි.
තේ වෙන්දෙසිය ප්‍රමාදවිම නිසා තේ කම්හල්වලට තේ දලු සපයන දලු හිමියන්ට අලුත් අවුරුද්දට මුදල් ගෙවිම සදහා අවශ්‍ය මුදල් තේ මණ්ඩලය මගින් ලබාදුන් බවද පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසිය.
මෙවර තේ වෙන්දෙසිය ඩිජිටල් ක්‍රමය යටතේ පැවැත්වු බවත් තේ කිලෝවක මිල පසුගිය වෙන්දෙසියට වඩා රුපියල් 80කින් පමණ වැඩිවි ඇති බවද සඳහන් කළේය.