අතින් පයින් හා කොසු මිටකින් පහරදී මව ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ , ආරාමය පෙදෙස පදිංචිව සිටි එම්. ඒ ඩබ්ලිව් .සල්වම්මා නැමැති 65 හැවිරිදි කාන්තාවකි.
ඉකුත් 12 වෙනි දින සැකකරු විසින් මුදල් ඉල්ලා අතින් පයින් සහ කොසුමටකින් පහර දී තුවාල සිදු කර නිවසින් පිටව ගොස් තිබූ අතර නිවසේ සිටි මරණකාරියගේ සහෝදරිය ඇයව රෝහල් ගත කිරීමට පියවර ගෙන නොතිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අසල්වාසීන්ට සිව් දිනකට පසු ඒ බව සැලවී 1990 සුව සැරිය ගිලන් රථයෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දින දෙකකට පසු ඊයේ (18දා) විය ගොස් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ විදේශගතව සිටින අතර එකම පුතු පාස්කු ප්රහාරය එල්ල වූ දින කොච්චිකඩේ පල්ලියේ සිටියදී මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
42 හැවිරිදි සැකකරු කොළඹ ජාතික රෝහල ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.