පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 රෝගීන්ගේ ඖෂධ ඔවුන් පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිමේ මුලික කටයුතු සිදුවන බව පුත්තලම මුලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.
රෝහල් අධ්යක්ෂවරයා පවසා සිටියේ පුත්තලම රෝහලේ සායන 12කට පමණ සහභාගි වු රෝගීන්ට මේ මොහොතේ අදාල ඖෂධ ලබා ගැනිමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙය ක්‍රියාත්මක කල බවයි .
එසේම ඔහු පවසා සිටියේ මෙම රෝගින්ගේ රෝග නිශ්චිත හා ඖෂධ සටහන් කරුණු ලබන පොත් ගම්මාන වෙතම ගොස් රෝහල් කාර්ය මණ්ඩල රැගෙන ඒමට කටයුතු කර ඇති බවත් එම පොත් රැගෙන එමෙන් පසුව ඖෂධවේදින් විසින් නිසි අධික්ෂණයකින් අදාල ඖෂධ කිසිදු ආකාරයකින් හානි නොවන ලෙසට ඉතාමත් සුරක්ෂීතව අසුරු ලබා දිමට කටයුතු කර ඇති බවයි .
ඒ සමගම ඇතැම් ඖෂධ තැපැල් මගින් යැවිමේදි එහි ගුණාත්මක තත්ත්වයට හානි විම සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියා මාර්ගය ගැනිමට සිදුවු බව රෝහල් අධ්යක්ෂවරයා පවසයි.