නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි .
පුත්තලම නගරයෙන් කොරෝනා ආසාධිතයකු ඊයේ (28) දින හමුවිමත් සමග අදාල ආසාධිතයා ඇසුරු කල හා සම්බන්ධකම් පැවැත්වු පවුල් 11 ක සාමාජීකයින් 45 දෙනෙකු මුලික අදියරේදි නිරෝධායන කටයුතු සදහා යොදා ගැනිමට යුද හමුදාව සහිරා ජාතික පාසල සකස් කිරිම අද 29 දින ආරම්භ කෙරුණි .
මෙම සදහා සහිරා ජාතික පාසලේ පංති කාමර 20ක් සුදානම් කර ඇති බව පැවසේ. ඒ සෑම කාමරයකම ඇදන් 5 බැගින් අදාල පහසුකම් සපයා දි තිබු අතර මෙම පිරිස අද (29) දින සවස නිරෝධායන කටයුතු සදහා රැගෙන එමට නියමිතව තිබේ.
මේ සදහා යුද හමුදාවේ 58 වන බල සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 143 වන බල සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙය විමෙන් යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් සේම සෙසු යුද හමුදා කණ්ඩායම් සුදානම් කර තිබුනී.
අදාල පිරිස නිරෝධායනය සිදු කරන දින 14 වෙනුවෙන් ආහාර සියල්ල ලබා දිමට පුත්තලම නගර සභාවෙන් ලබාදිමට සුදානම් බව නගරාධිපති කේ.ඒ .බායිස් මහතා කටයුතු කර ඇති බව ඔහු පැවසිය .