අද දින 20 ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් අහිතකර කාලගුණ තත්වයන් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරම්භ නොකළ අතර දිගින් දිගටම පවතින වර්ෂාව සහිත කාගුණ තත්වයන් හමුවේ හෙට 21 දිනයේද එම පාසල් විවෘත නොවන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජේ. ඒ. එම්. පී. ජයතිලක මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ සියලුම රජයේ පාසල් 21දින නොපැවැත්වෙන බව දන්වා සිටින අතර නැවම සත පාසල් ආරම්භ කරන්නාවූ දිනය හෙට 21 දිනයේදී දන්වන බව අධ්‍යාපන අධ්යක්ෂ වරිය දන්වා සිටියි.
පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගනනාවක ජලගැලීම් සිදුව ඇති අතර මාරග වල සිදුවඇති ජලගැලීම් හේතුවෙන් ගමනා ගමනයටද බාධා සිදුව ඇත.
ලලිත් ඒ කේ නවරත්න