රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සිය පස්වැනි ධුර කාලය සඳහාද තේරී පත්ව තිබේ. ඒ රුසියාවේ පැවැති ජනපතිවරණයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලබමිනි.
රුසියානු ජනපතිවරණයෙන් ඔහු සියයට 87කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මෙසේ එරට ජනපති ලෙස යළිත් පත්ව තිබේ. රුසියානු ජනපතිවරණයට පුටින්ට ප්‍රතිවාදීන් තිදෙනෙකු සමග තරග කිරීමට සිදුවිය.
කෙසේ වෙතත් බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ජනපතිවරණය වෙනුවෙන් විපක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ක්රේම්ලීනය ඉඩ නොදුන් පවසයි. එසේම මැතිවරණය නිදහස් හා සාධාරණ නොවන මැතිවරණයක් බවද බටහිර මාධ්‍ය ප්‍රකාශ කරයි.