මඩොල්සිම පුංචි ලෝකාන්තයේ රාගල සානුව නැමති ස්ථානයේදී 23 වනදා සවස උපන්දින සාදයක් පවත්වමින් සිටියදී ප්රපාතයකට ඇඳවැටීමෙන් ලැබූ බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් 24 දා රාත්රී 8.00 ට පමණ මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර පිහිකිඳගම පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ තාරක නුවන් නමැති පුද්ගලික බස්රථ රියදුරෙකි.
මරණකරු සිය පුතාගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් තම මිතුරන්ට පුංචිලෝකාන්තයේ රාගල සානුව නමැති ස්ථානයේදී පැවැත්වූ මත්පැන් සාදය අතරතුර මුත්රා කිරීම සඳහා ඒ අසලවූ ගලකට නැගුන අවස්ථාවේ පය ලිස්සාගොස් ඇති බවත් ඔහු අල්ලාගැනීමට උත්සාහ කල මිතුරාද සමග දෙදෙනාම අඩි 50 ක් ප්රපාතයට වැටී ඇති බවත් විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය .
මෙම උපන්දින සාදය සඳහා උපන්දිනය යෙදි ඇති දරුවා හෝ පවුලේ වෙනත් කිසිවෙකු සහබාගිවී නැති බවද පොලිසිය පැවසීය .
තුවාල ලැබූ අනෙක් තරුණයා වන පස්සර පාසැල් මාවතේ අංක 01 ලිපිනයේ පිදිංචි එම්. ප්රනීත් උදය ලක්ෂාන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකයේ ප්රතිකාර ලබයි. මඩොල්සිම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පාලිත ආරියවංශ