පළාත් පාලන ආයතන 336ක් සදහ නාමයෝජනා භාරගැනීම අද (17 දා) සිට 20වැනි දින මධ්‍යහ්න 12.00 දක්වා සිදුකෙරේ.
මෙහිදී 17 සිට 19වැනි දින දක්වා සෑම දිනකම උදේ 8.30 සිට සවස 4.15 දක්වාද, 20 වැනි දින මධ්‍යහ්න 12.00 දක්වාද නාමයෝජනා භාර ගැනීම සිදුවේ.
මේ අනුව මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 272ක් ඇතුළත් පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඒ ඒ තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපති කාර්යාලවලදී සිදුකෙරේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයොජනා භාර දීමේදී තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීමට උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
උප්පැන්න සහතිකය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාරවරයෙකු විසින් සහතික කළ යුතු බවත්, එසේ නොමැති විටෙක සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කළ වයස සනාථ කෙරේ. දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කළ වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාමයෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවද පෙන්වා දෙයි.
නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාමයෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීන් වෙත භාර දිය යුතු වේ.