පිළියන්දල පොලිස් බලප්රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.
ඒ අනුව පිළියන්දල පොල්ස් වසමේ දම්පේ, බටකැත්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත නැගෙනහිර හා බස්නාහිර,මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර, මඩපාත, ගොරකපිටිය, නාන්පමුණුව යන ග්රාම නිලධාරී වසම් මේ අනුව හුදෙකලා කර තිබේ.
එසේම, මහරගම පොලිස් බලප්රදේශයේ ඇරැව්වල උතුර යන ග්රාමසේවා වසම හුදකලා කර ඇත.