හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි,නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (19 දා) පැවැසීය .
මෙම නිලධාරීන් හබරාදූව හා අත්තිඩිය ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටියදී, සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වල වාර්තාව 18 දා නිකුත් වීමෙන් පසුව මේ බව තහවුරු වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය .
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන, ,කොරෝනා රෝගය වැළඳුණු ,යුද හමුදා නිලධාරියකු නිවාඩු ලබා හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ නැවත යුධ හමුදා කඳවුරට පිටත්ව යෑමෙන් පසුව,ඔහුගේ මවට ද කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වී තිබුණි .
ඒ අනුව ඇය සේවය කරන හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ , නිලධාරීන් තිස් දෙනකු සහ හොමාගම පොලීසියේ නිලධාරීන් එකොලොස් දෙනකු හබරාදුව සහ අත්තිඩිය ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට පියවර ගත් බව පැවසේ.
මේ අතර පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරයකු ,කාන්තා පොලිස් සැරයන් වරියන් ,කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ,පොලිස් කොස්තාපල්වරුන් ,පොලිස් අධිකාරිවරුන් දෙදෙනාගේ රියදුරන් ,ප්‍රධාන ලිපිකරු සහ සිවිල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද වන බව පැවසේ..
ඒ අනුව හබරාදුව නිරෝධායන මධ්‍යස්ථාන ට යොමු කළ පිරිසගේ පී.සී.ආර් පරීක්ෂණ ඉකුත් 17දා. කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ අතර 18 දා නිකුත් වූ එහි වාර්තාවට අනුව එහි කිසිවකට හෝ කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
එහෙත් මෙම නිලධාරීන් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන වලම හිදිමින් දින 14 ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් පැවසේ.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න