පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
බෝකුන්දර ,ගොරකපිටිය, රත්මල්දෙණිය හා ඇරව්වල ප්‍රදේශවලින් එම ආසාදිතයන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයා කිය.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 143ක් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වල ම ස්වයං නිරෝධායන ලක් කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.