විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.
හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී ව්‍යාපාරිකයෙකු සහ හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී ගරාජ හිමියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
විශේෂ බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හංවැල්ල පහළ හංවැල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනිඅවි යක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව හොරණ පොලිස් වසමේ දබර මීවන පලාන ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමග එම නිවසේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන්ට මෙම ගිනි අවි ලද ආකාරය සහ ඔවුන් මෙම ගිනි අවි අපරාධ සඳහා යොදා ගත්තා දැයි විමර්ශන සිදුකිරීම සඳහා අත්අඩංගුවට ගත් වයස අවුරුදු 45 හා 55 අතර පසුවන සැකකරුවන් දෙදෙනා හංවැල්ල සහ හොරණ පොලිසි වලට වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර හමුදා කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත .