පිලිපීනයේ සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි 111 යුත් කණ්ඩායමක් දින දාහතරක නිරෝධායන වීමෙන් පසුව නිවෙස් වලට පිටත් කර යැවීම 26 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ග්රීන් පැරඩයිස් හෝටලයේදී යුදහමුදාවෙ පනස් තුන්වන සේනාංකයේ කර්නල් ඒ .ඒ. ජී. එස් .ඒ .එස් .පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මීට දින දාහතරකට පෙර පිලිපීනයේ සිට මෙරටට පැමිණි පිරිමි පුද්ගලයින් එකසිය නමයක් සහ කාන්තාවන් දෙදෙනෙකු දින 14ක කාලයක් යුදහමුදා 53 වන සේනාංකය යටතේ නිරෝධායනය වී තිබේ.
මෙම කණ්ඩායම දිවයිනේ විවිධ ප්රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලට පිටත්කර හැරීම යුද හමුදාව විසින් ආරක්ෂිතව සිදු කරනු ලැබීය.