නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන නිරූපණ ශිල්පි පියුමි හංසමාලීගේ බැංකු ගිණුම් 19ක් පිළිබඳ තොරතුරු රහස් පොලිසියට දීමට වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රාජ්‍ය බැංකු ඇතු`ථ බැංකු 08කට අද(19) නියම කළේය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි 08ක් වටිනා ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළු මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව කියමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා බැංකු වල කළමණාකරුවන්ට එසේ නියම කළේය.
නිරූපණ ශිල්පි පියුමි හංසමාලී නමැත්තිය විසින් නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බවට ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා කරුණු ඉදිරිපත් කරමින් පියුමී හංසමාලි නමැත්තිය කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචිව සිටින්නේ යැයිද දේශපාලනඥයින් ඇතුළු පිරිස් ඇසුරූ කරන ඇය මාස 08ක් වැනි කෙටි කලකින් ධනවත් වී සුඛෝපභෝගී ජීවීතයක් ගත කරන්නේ කෙසේදැයි විමර්ශන කරන්නේ යැයි කීය.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි 08ක් වටිනා ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම, කොළඹ වෝඩ් පෙදෙසේ ‘ද ගෑන්ඩ්’ නිවාස සංකීර්ණයෙන් රුපියල් කෝටි 15කට ආසන්න වටිනා නිවසක් මිලදී ගැනීම, ප්‍රධාන බැංකු 08ක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක් හරහා කෝටි ගණනක මුදල් සංසරණය කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විර්ශන කරන බව උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
පියුමි හංසමාලියේ පුද්ගලික ආයතන වලට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව එම සමාගම් වල කළමණාකාරවරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් බව දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා ඒ සම්බන්ධ විමර්ශන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
මුදල් විශූද්ධිකරන පනත යටතේ මෙම විමර්ශන කරන බවත් ඇය විසින් රාජ්‍ය බැංකු ඇතු`ථ බැංකු වල පවත්වාගෙන යන බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු විමර්ශන සඳහා අවශ්‍ය වී ඇති බවත් දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මහතා අදාළ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට හා එම බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර දෙමින් සිද්ධිය සම්බන්ධයෛන් කරන විමර්ශන වල ප්‍රගතිය කඩිනමින් වාර්තා කිරීමට නියම කළ මහේස්ත්‍රාවරයා පැමිණිල්ල බහා තැබීමටද නියම කළේය.