මරදාන දුම්රිය නිල නිවාස ඉදිරිපිටදි පියා විසින් සිය ජීප් රථය පසුපසට ධාවනය කිරීමේදි එම ජීප් රිය පසුපස සිටි ඔහුගේ දරුවා ජීප් රියට යටවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 3ක දරුවෙක් මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා විසින් ජීප් රථය ගාල් කිරිමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.