චුන්නනාම් පොලිස් වසමේ ඉණුවිල් කරුණාකරපිල්යලයාර් කෝවිල් මාර්ගයේ සිවුමං න්නදිය අසල අනාරක්ෂිත සුම්රිය හරස් මාරගය හරහා ගමන් කළ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ පියෙක් හා දියණියක් ජීවිත්ක්ෂයට පත්ව තිබේ.
ඊයෙ සවස මෙම අනතුර සිදුව ඇති අතර යාපනය සිට කන්කසන්තරය බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 32ක් වන පියා අවුරුදු 03ක් වන දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ බිරිඳ යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙයි.