හිගුරුකඩුව අලාදුගස්පිටිය ප්රදේශයේ නිවසක මව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිය 11 හැවිරිදි සිගිති පුතුගේ පාසල් නිල ඇදුම් , පාසල් පෙලපොත් , දහම්පාසල් පොත් ,ඇතුලු නිවසේ දේපලවලට ගිනිතබා විනාශ කලැයි සැකපිට 53 හැවිරිදි පියෙකු අද (24) අත්අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .
මෙම සැකකාර පියා බීමතින් රාත්රි නිවසට පැමිණ සිය බිරිද සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් අනතුරුව මෙසේ මොහු සිය 11 හැවිරිදි සිගිති පුතුගේ, පාසල් නිලඇදුම් , පාසල් පෙලපොත් නිවසෙ කෑම කාමරයට රැගෙන ගොස් නිවසේ තිබූ දේපළ රැසක් සමඟ ගිනිතබා විනාශ කර ඇතැයි ද පොලිසිය සදහන් කළේය .
මෙම ගිනිතැබීමෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරු පස්සර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල ප්රසාද් රුක්මල්