පිටිගල හොරන්ගලදී සිදු කරන වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියහොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන දෙදෙනෙකු ඊයේ 16දා රෑ පිටිගල තල්ගස්වලදී සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි. මේ සැකකරුවන් දෙදෙනාම නියාගම තල්ගවල පදිංචිකරුවන් බවත් ඔවුන් දෙදෙනාම තිස්හය හැවිරිදි අයවලුන් බවත් පොලීසිය කියයි. පිටිගල හොරන්ගල්ල ගුරුවල හන්දියේදි වෙළද සලක් ඉදිරිපිට මේ වෙඩි තැබීම සිදුවූයේ මාර්තු මස11 වැනිදා රෑ 7.30ට පමණ බවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිම සිදුකර පලා ගොස් තිබූ බවත් පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් නාදුනන තුවක්කුකරුවන්ගේ ඉලක්කයවූ වෙළදසල් හිමියා එම අවස්ථාවේදී පලා යාම නිසා වෙළද සලට බඩු රැගෙන යාමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල සිදුවූ බවත් පොලීසිය කියයි.
මොවුන් සංතකයේ තිබි යතුරු පැදි දෙකක් ද ජංගම දුරකථන 3ක් පොලිස් භාරයට ගෙන ඇත සැකකරු සහ අත්තඩංගුවට ගත් භාණ්ඩ ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිය වැඩිදුර පවසයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත / ඇත්කදුර ජනක් ද සිල්වා/ පිටිගල ඞී.ජේ. විජේසිංහ