නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා මේ ද්විත්ව මනුෂය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත් ද්‍රවය ජාවාර කරුවෙකු වන ජයලත් සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇති බව පිටිගල පොලීසිය කියයි.
මේ දිත්ව ඝාතනය සදහා උදව් උපකාර කළ තිදෙනා බොරලැස්ගමුව රත්නපිටියේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ දිත්ව ඝාතනය සදහා ප්‍රයෝජනයට ගත් ජංගම දුරකතන තුනක් හා යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් වැඩි දුර විමර්ශන සදහා සැකකරුවන් තිදෙනා සහ යතුරු පැදිය ජංගම දුරකතන තුන පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිය පොලිස් ස්ථානයට භාරදුන් බවද පිටිගල පොලීසිය කියයි.
2024 මාර්තු වන දින රෑ පිටිගල පොලිස් බල ප්‍රදේශයේ ගුරුවල හොරංගල්ල නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු පවාහනය කිරිම හා ද්විත්ව මනුෂය ඝාතනයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුනු මේ සැකකරුවන් තිදෙනා සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත් ද්‍රවය ජාවාරම් කරුවෙකු වන ජයලත් සුද්දා හා සමන් කොල්ලා යන අය සමඟ සමීප සම්බන්ධතා ඇති ඇල්පිටිය කහදූව, උණන්පිටිය සහ තවලම පදේශවල පදිංචි වයස අවුරුදු 22, 24 සහ 31යන වයස් වල පසුවන්නන් බවත් ඔවුන් ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පිටිගල පොලීසිය කියයි.