පිටකොටුවේ තට්ටු හතකින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් ඇතිව තිබේ. මෙහිදී තුවාල ලැබූ 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් පියවර ගෙන තිබේ.
රෙදි පිළි අලෙවි කරන ස්ථානයක මෙම ගින්න ඇතිව තිබේ. ගිනි නිවීමේ රථ කිහිපයක් යොදවා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටියි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0652573f06.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f743b0ad2a.jpg)