අද(29) උදෑසන 6 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
ඒ අනුව ඉකුත් 20 වැනිදා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 6247ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 1533 දක්වා ඉහළ ගොස් තිබේ.