නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරය සතු ගල්අඟුරු තොග මේ මස 31දා අවසන් වූ පසු විදුලි ජනන යන්ත්ර අක්රිය වන බවත් එම නිසා පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20දා) පවසයි.
මෙරට විදුලි සැපයුමෙන් සියයට 45ක ප්රමාණයක් නොරොච්චෝලේ බලාගාරයෙන් සැපයෙන බවත් එම යන්ත්ර තුනම අක්රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් සභාපතිවරයා පැවසීය.