හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් ව තිබේ.
නිරූපමා රාජපක්ෂ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පාර්ලිමේන්තුව නියේජනය කළ අතර ඇය රාජපක්ෂ පවුලේ ඥාතිවරියක්ද වෙයි.
නිරූපමා රාජපක්ෂ හා ඇයගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් ලන්ඩනයේ හා සිඩ්නිහි සුඛෝපභෝගි නිවාස මිලදි ඇග ඇති බව මෙහිදී අණාවරණය වී තිබේ.
ඔවුන් දෙදනාට සම්බන්ධ බව කියන අරමුදල් වල ඩොලර් මිලියන ගණන් ඇති බව පැන්ඩොර් පේපර්ස්තුළින් අණාවරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව විමසා ICIJ තොරතුරු විමසා ඇති අවස්ථාවේදි එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදිම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
https://projects.icij.org/investigations/pandora-papers/power-players/en/player/nirupama-rajapaksa