කරුවලගස්වැව පොලිස් වසමට අයත් තබ්බෝව ජලාශයේ දිය නෑමට ගිය බව කියන ශීෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් 18 දින සවස දියේ ගිලී සිටියදී ගොඩට ගෙන රෝහල් ගතකරන විටත් අපවත් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී යැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
අපවත්වී ඇත්තේ හිල්ඔය සංගානන්ද නමැති 29 හැවිරිදි කොග්ගල තලාතුඩුව විවේක සේනාසන ලිපිනය සඳහන් හිමි නමක් බවත් පොලීසිය කියයි.
මෙම හිමිනම වනාතවිල්ලුව ප්‍රදේශයේ සිට තවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් සමග වෑන් රථයකින් තබ්බෝවට වැඩමකර ඇති බවත් කියයි.
ජයරත්න වික්‍රමාරච්චි