මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඉදුරුව තේක්කවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් අද(26) දහවල් දුම්රියේ ගැටී එහි ගමන් ගත් රියදුරු අනූනවයෙන් ජීවිතය බේරාගෙන අති බව කොස්ගොඩ පොලීසිය කියයි.
මේ අනතුරින් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවත් මේ දුම්රිය හරස් මගට සිය කැබ් රථය ඇතුලු කළ එහි රියදුරු කැබ් රථය නවතා දමා එයින් පැන සිය ජීවිතය බේරාගෙන ඇති බවත් පොලීසිය කියයි. මීටියාගොඩ පදේශයේ තරුණයකු මෙසේ ජීවිතය බේරාගෙන ඇති බවත් ඔහු සිය නිවසේ පිහිටි මීටියාගොඩ සිට ඉදුරුව දක්වා ගමන් ගනිමින් සිටියදී කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් දුම්රියක ඔහු පදවාගෙන පැමිණි කැබ් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.
මේ දුම්රිය හරස් මාර්ගයේ වර්ණ ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය දැන් සතියක පමණ කාලයක සිටම දුම්රියක් එතත් නොවෙතත් එම වර්ණ ආලෝක සංඥා පද්ධතිය කියාත්මක වන බව පදේශවාසීහු කියති.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.