2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යාහන 12 දක්වා පමණක් සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දින වලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.